චෙක්පත් වර්ග
1.
ධාරක චෙක්පත් (Bearer Cheque)
චෙක්පත දරන්නාට අයිතිය හිමිවන හුදෙක් භාර දීමකින් අයිතිය
පැවරිය හැකි චෙක්පත්ය.මෙහි චෙක්පතේ මුද්‍රිතව
ඇති "හෝ රැගෙන එන්නාට" යන පදය කපා හැර නැත.මේවායේ ක්‍රියාකාරීත්වය මුදල්වලට බොහෝ
සෙයින් සමාන වේ. මේවා මුදල් චෙක්පත් ලෙස ද හඳුන්වයි.
2.
විධාන චෙක්පත් (Order Cheque)
ආදායකයකු හෝ ඔහුගේ අණට
පමණක් මුදල් ගෙවන ලෙස සඳහන් චෙක්පත්ය.මෙහි ආදායකයාගේ නමට ඉදිරියෙන් ඇති "හෝ රැගෙන එන්නාට" යන වචනය කපා හැර ඒ වෙනුවට "විධානයට" හෝ "අණට" යන්න ලියා ඇත.මෙවැනි චෙක්පත් වල අයිතිය පැවරිය හැක්කේ
පිටසන් කිරීමෙන් පසුවය.
චෙක් පත් ලිවීමේ දී සලකා බැලිය යුතු කරුණු
ü ලිවීමේදී නොමැකෙන
තීන්ත වර්ගයක් භාවිතා කිරීම.
ü එකම භාෂා මාධ්‍යයක්
යොදා ගැනීම.
ü ලිවීමේ දී සිදුවන
වැරදි තනි ඉරකින් කපා අණකරු ගේ සම්පූර්ණ අත්සන යෙදිය යුතුය.
ü අණකරුගේ අත්සන නියම
ආකාරයෙන් යෙදීම.
ü යොදන දිනය හා ආරක්ෂාව
පිළිබඳව සැලකිලිමත් වීම.
ü හිස් චෙක්පතකට අත්සන්
නොයෙදීම.
ü හැකිතාක් මුදල් චෙක්
ලිවීමෙන් වැළකීම.
චෙක්පත් රේඛණය
චෙක්පතක මුහුණත හරහා
සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම හෝ වාණිජ බැංකුවක නමක් සඳහන් කිරීම චෙක්පත් රේඛණය ලෙස
හැඳින්වේ.
චෙක්පත් රේඛණය කිරීමේ
වාසි
- ·
චෙක්පතට අමතර ආරක්ෂාවක් ලැබෙයි.
- ·
චෙක්පතේ වටිනාකම ආදායකයාට ලැබීම සහතික වීම.
- ·
බැංකු කවුන්ටරයෙන් මුදල් ලබාගැනීම වැලකීම.
¨ රේඛනයක් අවලංගු කිරීමට
බලය ඇත්තේ අණකරු ට පමණි.
රේඛන වර්ග
1.
සාමාන්‍ය රේඛනය
චෙක්පතේ මුහුණත හරහා
සරල සමාන්තර රේඛා දෙකක් දරණ චෙක්පත් සාමාන්‍ය රේඛිත චෙක්තක් ලෙස හැඳින්වේ.රේඛා දෙක අතර "සහ සමාගම" හෝ "ගනුදෙනු කළ නොහැක" යන වගන්ති සහිතව හෝ රහිතව සාමන්‍ය රේඛනය
සිදු කළ හැක.
මෙවැනි චෙක්පත් අනුමත
කිරීමකින් තොරව ඕනෑම ගිණුමකට බැර කළ හැක.
2. විශේෂ රේඛනය
චෙක්පතක මුහුණත හරහා
බැංකු කරුවෙකුගේ නමක් එකතු කර ඇති ඇතිවිට එය විශේෂ රේඛනයක් වන අතර එය "ගනුදෙනු කළ නොහැක" යන වචනය සහිතව හෝ රහිතව තිබිය හැක.
විශේෂ රේඛනයක අනිවාර්යයෙන්ම
බැංකුකරුවකු ගේ නමක් සඳහන් විය යුතුය.
රේඛනය කළ හැකි පාර්ශව
1) අණකරුට
·
චෙක්පතක් සාමාන්‍ය හෝ විශේෂ රේඛනයක් සිදු කළ
හැක
2) ධාරකයාට
·
සාමාන්‍ය හෝ විශේෂ රේඛනයක් කිරීම
·
සාමාන්‍ය රේඛනයකට බැංකුවක නමක් එකතු කිරීම
මගින් විශේෂ රේඛනයක් කිරීම
·
සාමාන්‍ය හෝ විශේෂ රේඛනයකට "ගනුදෙනු කළ නොහැක" යන්න
·
ලිවීම.
3) රේඛනය නොකළ හෝ සාමාන්‍ය
රේඛනයක් කල චෙක් පතක් බැංකුවට යැවූ විට එම
4) බැංකුවට විශේෂ රේඛනයක්
කළ හැක.
5) රේඛනයේ නම සඳහන්
බැංකුවට
රේඛනය කල චෙක් පතක් සම්බන්ධයෙන් බැංකුකරුවකු ගේ යුතුකම
විනිමය බිල් ආඥා පනතේ 79 වන වගන්තිය අනුව,
·
චෙක්පතක් බැංකුකරුවන් එක්අයෙකුට වඩා වැඩි සංඛ්‍යාවකට විශේෂිතව රේඛනය කළ විට එම
චෙක්පත පිළිබඳව අණලද බැංකුකරුවා එයට ගෙවීම ප්‍රතික්ෂේප කළ යුතුය.
·
චෙක්පතක් එක් බැංකුකරුවකුට වඩා වැඩි සංඛ්‍යාවකට
විශේෂිතව රේඛනය කර ඇති විටෙක අණලද බැංකුව
විසින් එම චෙක්පතට ගෙවීම් කරන ලද්දේ නම්, එම බැංකුකරු චෙක්පතේ නියම හිමිකරුට වගකීමට බැඳේ.
·
චෙක්පතකට සාමාන්‍ය රේඛනයක් කර ඇති විටෙක එම
චෙක්පතින් අණලද බැංකුකරු විසින් බැංකුවක් නොවන වෙනත් පාර්ශවයකට ගෙවීම් සිදුකරන
ලද්දේ නම්, එම බැංකුකරු චෙක්පතේ
නියම හිමිකරුට වගකීමෙන් බැඳේ.
චෙක්පත් රේඛණය දී යොදන යෙදුම්
1.ගනුදෙනු කළ නොහැක
මෙයින් අදහස් වනුයේ
පැවරුම්ලාභියාට පැවරුම්කරුට වඩා හොඳ හිමිකමක් නොලැබෙන බවයි.එනම් පැවරුම්ලාභියාට ලැබෙනුයේ පැවරුම්කරුගේ
යම් දෝෂයක් පවතින නම් එම දෝෂය ද සමග යන බව මෙයින් අදහස් වේ.
2.ආදායකයාගේ ගිණුමට පමණයි
මෙවැනි රේඛනයක්
විනිමයබිල් ආඥා පනතේ සඳහන් නොවුවද බැංකු ප්‍රජාව විසින් ව්‍යවහාරයේ මෙය පිළිගනී.මෙම රේඛනයේදී බැංකුකරු විසින් චෙක්පතේ
වටිනාකම ගනුදෙනුකරුගේ ගිණුමට පමණක් බැර කළ යුතුය.
චෙක්පතක් පිටසන් කිරීම
පිටසන් කිරිම යනු චෙක් පතෙහි සඳහන් වන ආකාරයට ආදායකයා සිය නම
චෙක්පත පිටුපසිපස ලිවීමයි.මෙහිදී ආදායකයාගේ නම
ලියනවා මිස ඔහුගේ අත්සන යෙදීම අවශ්‍ය නැත.
චෙක්පතක් පිටසන් කළ යුතු අවස්ථා
·
ආදායකයා විසින් චෙක් පත බැංකුවේ තැන්පත්
කිරීමේදී
·
විධාන චෙක්පතක් නම් අන් අයෙකුට පවරන අවස්ථාවේදී
·
රේඛනය
නොකරන ලද චෙක්පතක් බැංකු කවුන්ටරයට ඉදිරිපත් කොට මුදල් ලබාගැනීමේදී.
චෙක් පත් අගරු වීම
ගෙවීම සඳහා බැංකුවට
ඉදිරිපත් කළ චෙක්පතකට බැංකුව විසින් මුදල්
ගෙවීම ප්‍රතික්ෂේප කිරීම චෙක්පත අගරු වීම
ලෙස හඳුන්වයි.
චෙක්පත් අගරු වියහැකි අවස්ථා
- 1. ගිණුමේ ප්‍රමාණවත් මුදල් නොමැතිවීම
- 2.
අණකරු විසින් ගෙවීම් නතර කර තිබීම
- 3.
අණකරු බුන්වත් වීම හෝ ගිණුම වසා තිබීම
- 4.
ලිඛිත වැරදි හෝ බොද වී හෝ අපහැදිලි වී ඇති විට
- 5.
අණකරු මරණයට පත් වීම හා ඒ බව බැංකුවට දැනුම්
දී තිබීම
- 6.
ගානිෂි නියෝගයක් ලැබීම
උසාවියකින් නිකුත් කළ
නියෝගයකින් අණකරු ගේ ගිණුමේ මුදල් තහනම් කර ඇති විටෙක ඔහුගේ චෙක්පත් වලට
බැංකුව ගෙවීම් නොකරයි. උසාවිය විසින් නිකුත්
කරන මෙවැනි නියෝග ගානිශී නියෝග ලෙස හැදින්වෙයි