තොරතුරු දැන ගැනීමේ සංකල්පය
ජනරජයන් බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතුය යන්න මුලික සංකල්පයයි.
මෙම අයිතිය මැනවින් ආරක්ෂා වීම සඳහා මුලික අවශ්‍යතා 3ක් පිළිබඳව සැලකිලිමත් වේ.
ජනතාවට අවශ්‍ය තොරතුරු බාධාවකින් තොරව ලැබීමට ඇති හැකියාව මින් අදහස් වේ. තොරතුරු සුලභ බව මෙන්ම තොරතුරු ලබා ගැනීමේ මාධ්‍යයන් බාධාවකින් තොරව සමාජය තුල ක්‍රියාත්මකවන බව මින් අදහස් වේ.
විශේෂයෙන්ම ජන මාධ්‍ය වාරණයකින් හෝ බාධාවකින් තොරව හා නිදහස්ව හා බලපෑමෙන් තොරව හැසිරීම මෙහිදී වඩාත්ම වැදගත් වේ.
ශ‍්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතක අවශ්‍යතාවය සම්බන්ධ සාකච්ඡාව 1994 දක්වාම දිවයයි. විශේෂයෙන් 1994 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පොදුපෙරමුණට සහය දැක්වූ මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන විසින් මැතිවරණ සටනේදී මතු කරන ලදි. මේ පිළිබඳව පළමු වරට ලිබිත සටහනක් හමුවන්නේ 1994 වසරේ දී තොරතුරු සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ¨ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රතිපත්තිය” පිළිබඳ කැබිනට් පත‍්‍රිකාව මගිනි. 1994 වසරෙන් ශ‍්‍රී ලංකාවේ ඇරඹි තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතිය සම්බන්ධයෙන් සිදුවූ සාකච්ඡාවේ ගමන්මග පිළිබඳව සටහනකි.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන
- ආර්.කේ.ඩබ්.ගුණසේකර කමිටු වාර්තාව -1995
- ශ්‍රී ලංකා නීති කොමිසම ඉදිරිපත් කල කෙටුම්පත -1996
- කැබිනට් මණ්ඩලය සම්මත කල කෙටුම්පත - 2004
- නීති කොමිසමේ යෝජිත තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත් කෙටුම්පත - 2006
- මිලින්ද මොරගොඩ පනත් කෙටුම්පත - 2009
- විජේදාස රාජපක්ෂ තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත් කෙටුම්පත - 2010
- කරූ ජයසූරිය පනත් කෙටුම්පත - 2010
- තිලංග සුමතිපාල පෞද්ගලික මංත්‍රී යෝජනාව - 2010
- කරූ ජයසූරිය කෙටුම්පත - 2011
- උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභා වාර්තාව 2011
- කල්තැබීමේ විවාදය - 2012
- විපක්ෂයයේ පොදු අපේක්ෂක මැතිවරණ ප්‍රකාශය - 2015 ජනාධිපතිවරණය
- තොරතුරු දැනගැනීමේ ප්‍රවේශය පිළිබඳ පනත් කෙටුම්පත 2015
No comments:
Post a Comment